Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

සෙනෙහෙ පියසක් දෙහිඅත්තකණ්ඩියේ ඉදිවෙයි…..

ජාතික යොවුන් සේනාංක “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ දෙහිඅත්තකණ්ඩිය ජාතික යොවුන් සේනාංකය මගින් සාදා නිම කරන ලද නිවස 2023.02.16 වන දින ජාතික යොවුන් සේනාංක සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අදාල ප්‍රතිලාභි පවුල වෙත දෙහිඅත්තකණ්ඩිය විජයපුර ග්‍රාමයේ දි ප්‍රදානය කරන ලදී. එම අවස්ථාව සඳහා අතිරේක අධ්‍යක්ෂ (පාලන හා මූල්‍ය), නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් රැසක් සහභාගී විය. එම කාර්යය සාර්ථක කරගැනීම සඳහා මධ්‍යස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ, යොවුන් ශිෂ්‍යභටයන්ගේ හා ප්‍රදේශවාසී දානපතියන්ගේ සහයෝගය ලැබිණි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button