Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය සාර්ථකව පවත්වයි…

ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ 2024 පළමු කණ්ඩායමේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය ජූලි 17 දින, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් දඹුල්ලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.වෘත්තීය සූපවේදය, පේස්ටි‍්‍ර සහ බේකරි, ආහාරපාන සේවක, පිළිගැනීමේ අංශය, ගෘහ පාලන සහ සහකාර බංගලා භාරකරු යන පාඨමාලා සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් 220 දෙනෙකු මෙහිදී සහතික පත‍්‍ර හිමි කරගන්නා ලදී. මෙම අවස්ථාවට ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික යොවුන් සේනාංක සභාපති චතුරංග උඩවත්ත මහතා ඇතුළු සභාවේ නිලධාරීන්, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ මණ්ඩලය, පළාත් අධ්‍යක්ෂවරුන්, හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරීන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, උපදේශක මහත්ම මහත්මීන්, පුහුණුලාභීන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button