Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

Y Rhythm 2024 උත්කර්ෂවත් අන්දමින් පවත්වයි.

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පි පිඑස්පි අයිජි ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ Y Rhythm 2024 රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරඟය දෙසැම්බර් 17 දින, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

තරඟාවලියේ දක්ෂතම හා ජනප්‍රියම තරුව ලෙස පඬුවස්නුවර පුහුණු මධ්‍යස්ථානයේ චිරාන් දර්ශන තේරී පත් වූ අතර දෙවන ස්ථානය සෙංකඩගල පුහුණු මධ්‍යස්ථානයේ හංසි අනුත්තරාත්, තෙවන ස්ථානය යක්කල පුහුණු මධ්‍යස්ථානයේ සිතුමිණි දිව්‍යාංජලිත් සිව්වන ස්ථානය වීරකැටිය පුහුණු මධ්‍යස්ථානයේ අශාන් ධනංජයත් හිමි කර ගන්නා ලදී. ජාතික යොවුන් සේනාංක 22 වන සංවත්සර දිනයේ දී දැයට යොවුන් ගායන තරු පිරිසක් බිහි කිරීමට ද මෙමඟින් හැකියාව ලැබීම විශේෂත්වයකි.

ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් යටතේ පැවැත්වූ මෙම තරඟාවලිය යක්කල සෞන්දර්ය පුහුණු පාසලේ පුහුණුලාභීන්ගේ ප්‍රාසාංගික අංගවලින් වර්ණවත් විය. අනුග්‍රාහක භවතුන්ගෙන් ලද දායකත්වය මත ජයග්‍රාහකයන්ට කුසලාන සහ ත්‍යාග ලබාදීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මැතිතුමා, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ආයතන ප්‍රධානින්, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ සුජීව රත්නායක යූඑස්පි පිඑස්සි අයිජි, අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, යොවුන් සේනාංක කාර්ය මණ්ඩලය, යොවුන් ශිෂ්‍යභටයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button