Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

හිටපු අධ්‍යක්ෂතුමා ජාතික යොවුන් සේනාංක රාජකාරිවලින් සමුගනියි…

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂවරයා ලෙස 2023 වර්ෂයේ අප්‍රේල් මස 17 වන දින බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පි පිඑස්සි අයිජි සිය රාජකාරී අරඹන ලදී. විනය, නායකත්වය හා පෞරුෂ සංවර්ධනය යන ත්‍රිවිධ තේමාවන් අරමුණු කරගත් ජාතික යොවුන් සේනාංකයේ නියමුවා වශයෙන් තරුණ අභිලාෂයන් හා රැකියා වෙළෙඳපොළ තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක සමඟ ගැළපෙන පරිදි විධිමත් වැඩපිළිවෙලක් යටතේ ජාතික යොවුන් සේනාංකය ඉදිරියට ගෙන යාම, බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පි පිඑස්සි අයිජි ගේ මඟපෙන්වීම යටතේ ජාතික යොවුන් සේනාංකය සපුරා ගත් ඉලක්කයකි. එතුමන් වසර දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙමින් ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු වශයෙන් කරන ලද මෙහෙවර උදෙසා, ජාතික යොවුන් සේනාංකයේ සමස්ත කාර්ය මණ්ඩලයේ කෘතවේදීත්වය එක් කිරීමට 2025 ජනවාරි 21 දින ජාතික යොවුන් සේනාංක මුලස්ථානයේ පැවති චාම් උත්සවයකින් අනතුරුව ඒ මහතා යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි සඳහා පිටත් විය. මේ අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, ජාතික යොවුන් සේනාංක මුලස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ (පාලන හා මූල්‍ය) නීතිඥ නිශාන්ත පුෂ්පකුමාර මහතා, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා, යොවුන් සේනාංක පළාත් අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ යොවුන් සේනාංක මූලස්ථාන කාර්ය මණ්ඩලය එක්විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button