ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ 2024 දෙවන කණ්ඩායමේ සහතිකපත් ප්රදානෝත්සවය දෙසැම්බර් 13 දින, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය (තරුණ කටයුතු) එරංග ගුණසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල හෝටල් පුහුණු පාසලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
වෘත්තීය සූපවේදය, පේස්ට්‍රි සහ බේකරි, ආහාරපාන සේවක, පිළිගැනීමේ අංශය, ගෘහ පාලන සහ සහකාර බංගලා භාරකරු යන පාඨමාලා සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් 191 දෙනෙකු සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලැබූ පුහුණුලාභීන් 24 දෙනෙකු මෙහිදී සහතික පත්‍ර හිමි කරගන්නා ලදී.
මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මැතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ මණ්ඩලය, පළාත් අධ්යක්ෂවරුන්, හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරීන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, උපදේශක මහත්ම මහත්මීන්, පුහුණුලාභීන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.