Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක ජීවන කුසලතා පාඨමාලාවේ පළමු කණ්ඩායම විසිර යයි…

ජාතික යොවුන් සේනාංකය නවමු මගකට රැගෙන යන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී ගේ සංකල්පයකට අනුව සය මාසික ජීවන කුසලතා පාඨමාලාව සාර්ථකව අවසන් කළ 2024 පළමු කණ්ඩායමේ යොවුන් ශිෂ්‍යභටයින්ගේ විසිර යාමේ පෙළපාලිය අගෝස්තු 07 දින, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් කේ මහේසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ක්‍රිඩාංගනයේ දී අභිමානවත්ව පැවැත්වුණි.

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂවරයා ආයතනයේ අභිවෘද්ධියට මෙන්ම යොවුන් සේනාංක ශිෂ්‍යභටයින්ගේ උන්නතියට නව මංපෙත් විවර කර දෙමින් මෙම අභිමානවත් උත්සවය සඳහා සිය පූර්ණ මඟපෙන්වීම සිදු කළේය.

බස්නාහිර පළාත් අධ්‍යක්ෂ කර්නල් පාලිත මෙන්ඩිස්ගේ අධීක්ෂණය යටතේ අත්තනගල්ල, බුලත්සිංහල, යක්කල, දිවුලපිටිය, කටුනායක සහ රාජගිරිය යන පුහුණු මධ්‍යස්ථානයන්හි යොවුන් ශිෂ්‍යභටයන් මෙහිදී විසිර ගියහ.

යක්කල සෞන්දර්ය පුහුණු පාසලේ නර්තනාංගය, ආරාධිත පාසල් තූර්ය වාදන සංදර්ශනය, යොවුන් ශිෂ්‍යභට සරඹ සංදර්ශනය සහ ජාතික යොවුන් සේනාංක තූර්ය වාදන සංදර්ශනය මෙම උළෙල වර්ණවත් කළ අතර මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ නිලධාරීන්, ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂ (පාලන හා මූල්‍ය) නීතීඥ නිශාන්ත පුෂ්පකුමාර මහතා, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා, සහකාර අධ්‍යක්ෂවරුන්, බස්නාහිර පළාත් අධ්‍යක්ෂ කර්නල් පාලිත මෙන්ඩිස් ඇතුළු පළාත් අධ්‍යක්ෂවරුන්, මූලස්ථාන නිලධාරීන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, මධ්‍යස්ථාන උපදේශක මහත්ම මහත්මීන්, පාසල් දරුවන්, යොවුන් ශිෂ්‍යභටයන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි විය.

බස්නාහිර පළාතේ සෑම පුහුණු මධ්‍යස්ථානයකම දක්ෂතම ශිෂ්‍යභටයාට සහ ශිෂ්‍යභටවියට සංකේතාත්මකව සම්මාන සහ සහතිකපත් මෙම අවස්ථාවේ දී ප්‍රදානය කරන ලදී.

* කටුනායක පුහුණු මධ්‍යස්ථානය
ඩබ්. සී. සී විදානගමගේ
ඩබ්. ඒ. එන්. ආර්. ඩබ් ආරච්චි


* අත්තනගල්ල පුහුණු මධ්‍යස්ථානය
බී. ආර්. ඕ. ඒ සංදීපනී
ඩබ්. ඒ. එල්. ඩී වීරසිංහ


* දිවුලපිටිය පුහුණු මධ්‍යස්ථානය
ජේ. ඒ නිශේධා නිම්නාදී
කේ. ඒ සනුජ මධුරංග


* බුලත්සිංහල පුහුණු මධ්‍යස්ථානය
එම්. කේ කාව්යා දුලංජනී
පී. වී පසිඳු චාමර


* යක්කල පුහුණු මධ්‍යස්ථානය
එන්. කේ. එන් කවීෂා
ඩී. කේ. කේ පෙරේරා


* රාජගිරිය පුහුණු මධ්‍යස්ථානය
කේ. පී. වයි. එච් පතිරගේ
ටී. ආර්. එස් රාජ්

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button