Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක අන්තර් පළාත් ක්‍රීඩා උළෙල දිවුලපිටියේ දී…

ජාතික යොවුන් සේනාංක යූත් කැඩෙට්වරුන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ අන්තර් පළාත් ක්‍රීඩා උළෙල – 2024, පළාත් 9 හි පුහුණු මධ්‍යස්ථාන 58 ක යූත් කැඩෙට්වරුන්ගේ සහභාගිත්වයෙන් ජූලි 23 සහ 24 යන දෙදින දිවුලපිටිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩා අංගනයේ දී සාර්ථකව පැවැත්වුණි.

එම ක්‍රීඩා උළෙලෙහි ජයග්‍රහණ ලබාගත් ජයග්‍රාහකයින් වෙත ජය සංකේත සහ ක්‍රීඩා කට්ටල ප්‍රදානය කිරීම, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පි පිඑස්සි අයිජි ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

වායු රයිෆල් වෙඩි තැබීම, දුනු විදීම, වොලි බෝල්, නෙට් බෝල් සහ ක්‍රිකට් යන තරඟ ඉසව් බාලක සහ බාලිකා යන අංශ දෙකෙන්ම පැවැත්වූ අතර සමස්ත ශුරතාවය බස්නාහිර පළාතත් සමස්ත අනුශුරතාවය වයඹ සහ සබගමුව යන පළාත් විසින් දිනාගන්නා ලදී.

මෙම අවස්ථාවට අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) නීතිඥ නිශාන්ත පුෂ්පකුමාර මහතා, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා, පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, උපදේශක මහත්ම මහත්මීන්, මූලස්ථාන නිලධාරීන් සහ යූත් කැඩෙට්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

1. වායු රයිෆල් වෙඩි තැබීම
අනුශූරතාවය – බාලක – උතුරු පළාත
ශූරතාවය – බාලක – ඌව පළාත
අනුශූරතාවය – බාලිකා – සබරගමුව පළාත
ශූරතාවය – බාලිකා – වයඹ පළාත

2. දුනු විදීම
අනුශූරතාවය – බාලක – වයඹ පළාත / බස්නාහිර පළාත
ශූරතාවය – බාලක – ඌව පළාත
අනුශූරතාවය – බාලිකා – බස්නාහිර පළාත
ශූරතාවය – බාලිකා – සබරගමුව පළාත

3. වොලිබෝල් – බාලක
අනුශූරතාවය – බාලක – වයඹ පළාත
ශූරතාවය – බාලක – බස්නාහිර පලාත

4. වොලිබෝල් – බාලිකා
අනුශූරතාවය – බාලිකා – බස්නහිර පළාත
ශූරතාවය – බාලිකා – දකුණු පළාත

5. නෙට්බෝල් – බාලිකා
අනුශූරතාවය – බාලිකා – නැගෙනහිර පළාත
ශූරතාවය – බාලිකා – සබරගමුව පළාත

6. ක්‍රිකට් – බාලක
අනුශූරතාවය – බස්නාහිර පළාත
ශූරතාවය – මධ්‍යම පළාත

7. ක්‍රිකට් – බාලිකා
අනුශූරතාවය – බාලිකා – සබරගමුව පළාත
ශූරතාවය – බාලිකා – වයඹ පළාත

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button