ශ්රී ලාංකික තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත Solar Oven වෘත්තීය පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම, අද (30) දින ජාතික යොවුන් සේනාංක අධ්යක්ෂ ගාමිණී වික්රමපාල මහතා, ස්විට්සර්ලන්ත Incitare ජාත්යන්තර ආයතනයේ නිර්මාතෘ බෙරිස් ගුබෙන් (Beris Gwynne) මහත්මිය හා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් සි. ඩි කළුආරච්චි මහතා අතර ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිදු විය.
Solar Oven වෘත්තීය පුහුණු පාඨමාලාව නිම කර වෘත්තීය සඳහා යොමු වන තරුණ තරුණියන් වෙත ණය පහසුකම් ලබාදීම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදු කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා ස්විට්සර්ලන්ත නියෝජ්ය තානාපති ඔලිවියර් ප්රාස් මැතිතුමා, ජාතික යොවුන් සේනාංක සභාවේ සභාපති තරිඳු මුහන්දිරම් මහතා, ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා ඇතුළු මූලස්ථාන නිලධාරීන්, මධ්යම පළාත් අධ්යක්ෂ මේජර් ඒ. කේ. විජේරත්න, ස්විට්සර්ලන්ත Incitare ජාත්යන්තර ආයතනයේ වැඩසටහන් අධ්යක්ෂ චෙරිල් ආර්න්ඩ් මහත්මිය, සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පුද්ගලික හා රාජ්ය ආයතනික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.