Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

සේරුවාවිල ඉදි වූ ‘සෙනෙහෙ පියස’ ප්‍රතිලාභීන්ට හිමි වෙයි…

ජාතික යොවුන් සේනාංක ‘සෙනෙහෙ පියස’ නිවාස ව්‍යාපෘතිය යටතේ, නැගෙනහිර පළාතේ සේරුවාවිල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය විසින් ඉදිකළ නිවස ප්‍රතිලාභී කේ.ඩබ්.එන්. වීරසිංහ මහතා වෙත භාර දීම ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක USP psc IG සහ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 26 වන දින සිදු විය.

 

යොවුන් ශිෂ්‍යභටයින්ගේ ශ්‍රම සහ වැය දායකත්වය යටතේ සේරු නුවර නෙලුම්ගම ග්‍රාම සේවා වසමට අයත්ව ඉදිකෙරුණු මෙම නිවස පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් ප්‍රතිලාභියා වෙත භාර දුන් අතර, මෙම අවස්ථාවට සේරුවාවිල පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති ඇතුළු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය, විදුහල්පතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button
Phone

Phone

Phone

Contact Us