Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

Y- Art වැඩසටහන දියත උයනේ දී…

ජාතික යොවුන් සේනාංක යොවුන් ශිෂ්‍යභටයින්ගේ චිත්‍ර හා නිර්මාණ කුසලතා වැඩි දියුණු කිරීම සහ සාර්ථක ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණු කරගනිමින් පවත්වන වන ලද “Y-Art” වැඩසටහන ඔක්තෝබර් 28,29 සහ 30 යන තෙදින පුරා බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්වුණි.

දිවයින පුරා ස්ථාපිත යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි චිත්‍ර සහ නිර්මාණ සඳහා උනන්දුවක් හා කැමැත්තක් දක්වන යොවුන් ශිෂ්‍යභටයන් මෙම වැඩසටහන සඳහා සහභාගී විය.

සජීවී පරිසර චිත්‍ර, රෙදි පින්තාරු නිර්මාණ, අත් කඩදාසි නිර්මාණ, බීරළු රේන්ද නිර්මාණ, ආලේඛ්‍ය චිත්‍ර, වේවැල් නිර්මාණ, තලකොල නිර්මාණ, කෘතීම මල් සැකසුම්, සම් භාණ්ඩ නිෂ්පාදනය සහ මැටි භාණ්ඩ නිෂ්පාදනය යන අංශවලින් සමන්විත වූ මෙම වැඩසටහනට ජාතික ශිල්ප සභාවේ ප්‍රවීණ උපදේශක මණ්ඩලයක් සම්පත් දායකත්වය ලබාදුනි.

මෙම වැඩසටහනේ සමාප්ති උළෙල සහ සහතික ප්‍රදානෝත්සවය ඔක්තෝබර් 30 වනදා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ, කාන්තා, ළමා, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ අතිරේක ලේකම් සුධීර ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී සහභාගි වූ සියලුම යොවුන් ශිෂ්‍යභටයන් ඇගයීමට ලක්විය. එම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පි පිඑස්සි අයිජි, අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, මූලස්ථාන නිලධාරීන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, උපදේශක මහත්ම මහත්මීන් ඇතුළු යොවුන් ශිෂ්‍යභටයන් සහභාගි විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button