Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය සහ ජාතික යොවුන් සේනාංකය අතර අවබෝධතා ගිවිසුමක්…

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය සහ ජාතික යොවුන් සේනාංකය මඟින් පැවත්වීමට නියමිත තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා (Level III) පාඨමාලාවේ දෙපාර්ශවය අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද (07), ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින්, අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පි පිඑස්සි අයිජි, අතිරේක අධ්‍යක්‍ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසුරිය මහතා, සහකාර අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ඩි.එම්.ටි.එම් රණසිංහ මහත්මිය ඇතුළු යොවුන් සේනාංක මුලස්ථාන නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය නියෝජනය කරමින් මණ්ඩපාධිපති ආචාර්ය උපාලි එම්.සේදර මහතා, සහකාර මහාචාර්ය හසන්ති යාපා දහනායක මිය (අංශ ප්‍රධානී තත්ව පාලක), අංශ ප්‍රධානී (පාලන හා මුල්‍ය) මිරානි වැරැල්ලගේ මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙමඟින් ජාතික යොවුන් සේනාංකය වෙත පැමිණ තොරතුරු තාක්‍ෂණය සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලබන යූත් කැඩටේවරුන්ට ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධ වෙමින් උසස් අධ්‍යාපනයට යොමුවීමේ ඉඩකඩ විවර වනු ඇත.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button