ජාතික යොවුන් සේනාංක හා බැරිස්ටා කොෆී ලංකා ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන බැරිස්ටා වෘත්තීය පුහුණු පාඨමාලාව (Barista Training Programme) ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අප්‍රේල් 24 දින, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල මහතා සහ බැරිස්ටා කොෆී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි/අධ්‍යක්ෂ දිලුප පතිරණ මහතා අතර ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිදු විය.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා, අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) නීතිඥ නිශාන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු මූලස්ථාන නිලධාරීන්, බැරිස්ටා කොෆී ලංකා ආයතනයේ මානව සම්පත් හා පාලන අංශ ප්‍රධානි හර්ෂ චානක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.