Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකයට නව අධ්‍යක්ෂවරයෙක්…

ජාතික යොවුන් සේනාංක නව අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා ජනවාරි 23 දින, ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන බවත්, යොවුන් සේනාංක පුහුණු ක්‍රියාවලිය තව දුරටත් විධිමත් කිරීමට කටයුතු කරන බවත් එතුමා සිය රාජකාරි ආරම්භ කරමින් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ මූලස්ථාන කාර්ය මණ්ඩලය සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button