Register Now

SUCCESS STORIES

“තමන් තුළ ආත්ම විශ්වාසය ඇති කර ගැනීම තුළින් ඕනෑම බාධාකයක් ජය ගත හැකියි.”

2011 වර්ෂයේ නාත්තණ්ඩිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය හා එක්ව ජීවිතය ජයගත් කෙනෙක් ලෙස මං අද නොබියව සමාජය තුළ ශක්තිමත් කාන්තාවක් ලෙස නැඟී සිටිනවා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ 2011.01.15 වන දිනයි. ජාතික යොවුන් සේනාංක තුළ ගත කරපු කාලසීමාව ජීවිතයට අරුතක් එක් කරපු කාලයක්. සමාජය තුළ හැසිරෙන්න ඕනෙ ආකාරය, ඒ ලබපු දැනුම, පන්නරය අද මාව කාන්තාවක් කළ බව කිව යුතුමයි.

යම් දෙයක් සැලසුම් කිරීම, නායකත්වය, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම, කන්ඩායම් හැඟීම වැනි දේ පන්ති කාමරයකට කොටු නොවූ විෂයබාහිර ප්‍රජා සත්කාරක වැඩසටහන් හරහා පුහුණුලාභින් වෙත ලබා දීමට ජාතික යොවුන් සේනාංකය කටයුතු කරනවා.

ජාතික යොවුන් සේනාංක මූලික පුහුණුවෙන් පසු තමන් කැමති වෘත්තීය පුහුණුවක් සඳහා යොමු වීමේ මඟපෙන්වීම ජාතික යොවුන් සේනාංකය මඟින් නිරතුරුවම ලබා දෙනවා. ඒ තුළින් තමයි මගේ ජීවිත‍යේ පන්නරය මට ලැබුණේ. ඉලක්කයක් හඹා යාමේ දී එය smart විය යුතුමයි. එවිට අපට අපේ ඉලක්කය වෙත පහසුවෙන් ළඟා විය හැකියි.

කාන්තාවක් ලෙස කිසිවෙකුටත් අතනොපා ජීවත්වීම අද වන විට අත්‍යවශ්‍ය දෙයක් වෙලා. ඕනෑම අවස්ථාවක කාගෙවත් පිහිටක් හව්හරණක් නැති අවස්ථාවක් අපට හමුවේවි. වැටෙන්නෙ නැතිව නැඟිටින්න ඕන කරන ආත්ම ශක්තිය ලැබුනේ ජාතික යොවුන් සේනාංකය හරහාම පමණයි. අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් හොඳම විදිය තමන් තුළ ඇති කරගන්නා ආත්ම ශක්තිය කියලා දුන්නෙත් අද මං මෙවැනි ස්ථානයක සිටින්නෙත් ජාතික යොවුන් සේනාංකය නිසාමයි.

තිළිණි පීරිස්

සැලසුම් ශිල්පී උපදේශිකා

කොරියා ශ්‍රී ලංකා ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button