Register Now

අධ්‍යක්ෂතුමන්ගේ පණිවිඩය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂවරයා ලෙස වෙබ් අඩවිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ හද පිරි සතුටිනි.

2002 වර්ෂයේදී ආරම්භ කරන්නට යෙදුණු ජාතික යොවුන් සේනාංකය වසර 22ක් පුරාවට නායකත්ව ගුණාංගයන් හා මනා පෞරුෂයකින් හෙබි නිපුණතාවන්ගෙන් පරිපූර්ණ වූ තරුණ ප්‍රජාවක් දැයට තිළිණ කරනු වස් සිදු කරනු ලබන මෙහෙය අප සියලු දෙනාගේ ම ආඩම්බරයට කාරණයකි. දැනුම, නිපුණතා හා කුසලතාවයන්ගෙන් පරිපූර්ණ විනයගරුක, අභියෝගයන්ට නොසැලෙන ජවසම්පන්න තාරුණ්‍යය, ජීවන කුසලතා සංවර්ධනය තුළින් ගොඩනැංවීම සහ වෘත්තීය නිපුණත්වයට අවැසි කුසලතාවයන්හි හිඩැස පිරවීම තුළින් ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සංවර්ධනයට දායක වීමේ ඉලක්ක ගත කාර්යභාරය අප වෙත පැවරී ඇති සේම ජාතික යොවුන් සේනාංකයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ජාතියට හා රටට ලබා දිය යුතු ම කාලය එළඹ ඇතැයි මම විශ්වාස කරමි.

 

එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සවිමත් ශ්‍රම බලකායක් රටට අවශ්‍ය වන අතර විනය, නායකත්වය හා පෞරුෂත්වයෙන් සුසැදි සවිමත් ශ්‍රම බලකායක් ගොඩනැඟීමට ජාතික යොවුන් සේනාංකයට ඇති හැකියාව, යුතුකම හා වගකීම සුළුපටු නොවේ. ජීවන කුසලතා සංවර්ධනය හෝ වෘත්තීය මත පදනම් වූ කුසලතා සංවර්ධනය හැරුණු කොට දේශීය හෝ විදේශීය රැකියාවක් සඳහා විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙන ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් විදේශීය භාෂාවක නිපුණතාවය, තොරතුරු තාක්ෂණයේ නිපුණතාවය ආදී සහාය පාඨමාලා මඟින් ද තරුණ පුජාව බල ගැන්වීමට ජාතික යොවුන් සේනාංකය හට හැකියාව ලැබී ඇති අතර, ඒ සඳහා නිසි සැලසුම් සහ ඉලක්ක ගත අරමුණු සහිතව කටයුතු කළ යුතුව ඇත.

“පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” තුළ නවීන තරුණයෙකු බිහිකරමින් නිශ්චිත ඉලක්කයක් සමඟ තරුණ ප්‍රජාව බලගැන්වීමේ ජාතික අරමුණ ජය ගැනීම සඳහා ජාතික යොවුන් සේනාංකයේ දායකත්වය නොපැකිලිව හා කාර්යක්ෂමව ජාතියට ලබා දීම සඳහා ඔබ අප සියලු දෙනාම එකසේ කැපවිය යුතුව ඇත. ඒ සඳහා එක්සත්ව හා එක්සිත්ව කටයුතු කිරීමට අවැසි ශක්තිය, ධෛර්ය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම, අපේක්ෂිත ඉලක්ක සියල්ල වඩාත් සාර්ථක අයුරින් සඵල කරගැනීමට හැකියාව ඔබ සියලු දෙනා වෙත ලැබේවා යැයි ද ප්‍රාර්ථනා කරමි.

අධ්‍යක්ෂ

ජාතික යොවුන් සේනාංකය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button