Register Now

SUCCESS STORIES

ජාතික යොවුන් සේනාංකයට ගියාම දැනුනෙ හිතනවට වඩා එහා ලෝකයක් ඒ තුළ තිබෙන බව. ලංකාවේ තිබෙන සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ OL, AL කරපු මට පන්ති කාම‍රයෙන් බැහැර ප්‍රායෝගික විෂයයන් 09ක් ඉගෙන ගන්නා ලැබුනා යොවුන් සේනාංකයෙන්. සමාජයත් එක්ක කොහොමද ගැටෙන්නෙ, නායකත්වය, ඉවසීම, කාල කළමනාකරණය, ඉලක්ක හඹා යාම, සමාජය පිළිබඳ අධ්‍යයනය වගේම ලංකාවේ ඉතිහාසය වැනි දේ ගැනත්.

2005 වසරෙ දි මගේ හැරවුම් ලක්ෂය වුනේ ජාතික යොවුන් සේනාංකය. හිතේවත් නොතිබුණු, පරම්පරාවක කෙනෙක්වත් නොකරපු රැකියාවක් මං තෝරගන්නවා. මූලික පුහුණුවට අමතරව අපිට ලබා දුන්න තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි වගේ දේවල් තමයි ජීවිතයට මෙතනට එන්න පන්නරයක් වුනේ.

තමන් තුළ ඇති දක්ෂතාවය ඔපදමලා ගන්න පුළුවන් එකම තැන ජාතික යොවුන් සේනාංකයයි. කැම්පස් ගිහින් නෑ. හැබැයි අහලා දැකලා තියෙනවා. ඒත් ඒ විශ්ව විද්‍යාල ලෝකයට එහා ගිය ප්‍රායෝගික ලෝකයක් තමයි මේක ඇතුලෙ තියෙන්නේ. වැටෙන්නෙ නැතුව ඉස්සරහට යන්න බෑ. ඒ වැටෙන හැම වෙලාවකදිම මේකත් එක පාඩමක් කියලා ඉගෙන ගන්න අවස්ථාව ලැබුනේ මෙතනින්.

‍OL, AL කරලා උසස් අධ්‍යාපනය ගැන ඉලක්කයක් නැතිනම් ගෙවල්වලට වෙලා පිස්සු නටන්න එපා. ජාතික යොවුන් සේනාංකයට යන්න. එතන තමයි එකම තැන. ඔබට ඉලක්කයක් නිර්මාණය කර දේවි. ඒ ඉලක්කය හඹා යන්න පොළඹවාවි. ඒ ගමන්මඟ දුෂ්කර හා කල් ගත වන එකක් වේවි. නමුත් දිනෙක ඔබ ජයග්‍රහණය කරාවි. එහෙම තැනක් තියෙනවානම් ඒ ජාතික යොවුන් සේනාංකය පමණයි.

 

නිවිතිගල ජාතික යොවුන් සේනාංකය
මේනක මධුෂාන් කුලතුංග
Area Resident Manager_ Tear Drops Hotels

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button