වෘත්තීය සූපවේදය – ජාතික වෘත්තීය සුදුසුකම් IV මට්ටම
රැකියාව : සූපවේදී
විෂය පථය
- සෝස් වර්ග පිළියෙළ කිරීම
- සලාද/ආහාර රුචිය/සුළු කෑම පිළියෙළ කිරීම
- උණුසුම් පරාසයක ආහාර පිළියෙළ කිරීම
- උණුසුම්/සිසිල් බිම පිළියෙළ කිරීම
- පිසීමට මාළු සහ මස් පිළියෙළ කිරීම
- ජනවාර්ගික ආහාර පිළියෙළ කිරීම
- සුප් වර්ග පිළියෙළ කිරීම
- අතුරුපස/රසකැවිලි පිළියෙළ කිරීම
ආහාර පාන හා සේවක අංශය – ජාතික වෘත්තීය සුදුසුකම් IV මට්ටම
රැකියාව : ආහාර පාන සේවක
විෂය පථය
- ආහාර පිළිගැන්වීමට පෙර සූදානම් කිරීම
- ආහාර පිළිගැන්වීම
- වයින් සඳහා මේස සූදානම් කිරීම
- කාමර සඳහා ආහාරපාන සැපයීම
- නඩත්තු කිරීම, පිරිසිදු කිරීම, සනීපාරක්ෂාව සහ සේවා ස්ථානයේ ආරක්ෂාව
- මත්පැන් වර්ග සැපයීම සහ පිළිගැන්වීම
- බාර් ක්‍රියාකාරිත්වයට අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම
- කොක්ටේල් වර්ග සකස් කිරීම සහ පිළිගැන්වීම
- භෝජන සංග්‍රහ කටයුතු සිදු කිරීම
පේස්ට්‍රි බේකරි අංශය – ජාතික වෘත්තීය සුදුසුකම් IV මට්ටම
රැකියාව : බේකර්
විෂය පථය
- පාන් සහ බනිස් නිෂ්පාදනයේ මූලික පියවර
- විවිධ වර්ගයේ පාන් සහ බනිස් නිෂ්පාදනය
- පේස්ට්‍රි නිෂ්පාදනය
- කේක් සහ කුකීස් නිෂ්පාදනය
- අතුරුපස නිෂ්පාදනය
- බේකරියක සාමාන්‍ය ක්‍රියාකාරකම් කළමනාකරණය
ගෘහ පාලන අංශය – ජාතික වෘත්තීය සුදුසුකම් III මට්ටම
රැකියාව : හෝටල් ගෘහ පාලන අංශය
විෂය පථය
- පිටත්වීමේ කාමර/නවාතැන් ඒකක සේවය සැපයීම
- පුරප්පාඩු කාමර/නවාතැන් ඒකක සේවය සැපයීම
- විවේක කාමර/නවාතැන් ඒකක සේවය සැපයීම
- මහල්, ආගන්තුක කොරිඩෝ, සේවා ප්‍රදේශ, පඩිපෙල් සහ පැන්ට්‍රි සේවය සැපයීම
- මිනි බාර් හැසිරවීමේ සේවය
- සේවා ස්ථාන සන්නිවේදනය
- සේවා ස්ථානයන්හි සාක්ෂරතාවය සහ සංඛ්‍යාත්මක භාවිතයන් පිළිබඳ පුහුණුව
- සාමුහික ක්‍රියාකාරකම්
- වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂක පියවරයන් පිළිබඳ පුහුණුව
පිළිගැනීමේ අංශය – ජාතික වෘත්තීය සුදුසුකම් IV මට්ටම
රැකියාව : පිළිගැනීමේ නිලධාරි
විෂය පථය
- නිපුණතා ප්‍රදේශය තුළ සන්නිවේදන කටයුතු පිළිබඳ පුහුණුව
- නිපුණතා ප්‍රදේශය තුළ සාක්ෂරතාව සහ සංඛ්‍යාත්මක භාවිතයන් පිළිබඳ පුහුණුව
- සාමුහික ක්‍රියාකාරකම්
- වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව සහ පාරිසරික ක්‍රියාමාර්ග අනුගමනය කිරීම.
- පාරිභෝගික/අමුත්තන්ගේ අවශ්‍යතා සපුරාලීම
- සන්නිවේදන පද්ධති හැසිරවීම
- තොරතුරු සහ සේවාවන් සැපයීම
- වාර්තා තබාගැනීම
- පාරිභෝගික/අමුත්තන්ගේ පැමිණිලි හැසිරවීම
සහකාර බංගලා භාරකරු – ජාතික වෘත්තීය සුදුසුකම් III මට්ටම
රැකියාව : සහකාර බංගලා භාරකරු
විෂය පථය
- සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රියා පටිපාටි සහ භාවිතය
- රැකියා ස්ථානයේ සාක්ෂරතාවය
- රැකියා වෘත්තීය ස්ථානය සඳහා සන්නිවේදන කුසලතා
- ගෙවතු වගා කටයුතු
- තොග හැසිරවීම
- ආහාර සහ උණුසුම් සහ සිසිල් බීම ලබා දීම
- ආහාර සහ උණුසුම් සහ සිසිල් බීම සකස් කිරීම
- රෙදි සෝදන කටයුතු
- කාමර සැපයුම්
- පිරිසිදු කිරීමේ ක්‍රියා පටිපාටිය
- ගෘහ පාලනය පිළිබඳ හැඳින්වීම
- පිළිගැනීමේ සේවාව
හෝටල් පුහුණු පාඨමාලා අවසානයේ සියලුම පුහුණුලාභින් කර්මාන්ත පුහුණුව සඳහා යොමු කෙරෙන අතර ඉන් අනතුරුව පුහුණුලාභීන් වෙත (NVQ) III / IV ජාතික වෘත්තීය සුදුසුකම සහිතව සංචාරක හෝටල් ක්ෂේත්රයේ මෙරට පිළිගත් රැකියා අවස්ථා හිමි කර දෙනු ඇත. ආරම්භයේ සිට අද දක්වා මෙම පුහුණු පාඨමාලාව හැදෑරු සියලු පුහුණුලාභින් මේ වන විට අදාල ක්ෂේත්රයේ උසස් රැකියාවල නිරත වෙමින් තම වෘත්තිය මග ජය ගන්නට හැකියාව ලැබී ඇත.
මාස 06 (NVQ Level 04 සදහා කර්මාන්තගත පුහුණුව මාස 06කි)