Register Now

ගරු තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය තුමන්ගේ පණිවිඩය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය ලාංකීය තරුණ ප‍්‍රජාව උදෙසා වන මූලික රාජ්‍ය ආයතන කිහිපය අතරින් ප‍්‍රධානතම ආයතනයකි. වසර විස්සකට අධික කාලයක් ජාතික යොවුන් සේනාංකය විසින් කරන ලද කාර්යභාරය වඩාත් ඵලදායි ලෙසට පරිවර්තනය කිරීම අපට පැවරී ඇති ප‍්‍රධානතම කාර්යයකි.

එනම් ජාතික යොවුන් සේනාංකය තරුණයන් වෙනුවෙන් පවතින තවත් එක් ආයතනයක් පමණක් වනවා වෙනුවට එය තරුණ ප‍්‍රජාව ගැවසෙන ආයතනයක් බවට පරිවර්තනය කළ යුතුව ඇත.

අප ලද ඓතිහාසික ජනවරමේ සක‍්‍රීයම පංගුවක් කරන ලද්දේ ලාංකීය තරුණ ප‍්‍රජාව විසිනි. ලක්ෂ 83ක් වන තරුණ පරපුර කිසිදු භේදයකින් තොරව රටේ ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පුනරුදය වෙනුවෙන් දායක කරගැනීම අපගේ තරුණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශගේ අරමුණ වේ. ඒ වෙනුවෙන් ලාංකීය තරුණ ප‍්‍රජාව දැනුම, ආකල්ප සහ කුසලතාවලින් දියුණු නිර්මාණශීලී සහ සහකම්පිත පිරිසක් ලෙස ගොඩනැගීමට ජාතික යොවුන් සේනාංකයට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ හැකි බව මාගේ විශ්වාසයයි.


විශේෂයෙන්ම ගෝලීය තරුණ ප‍්‍රජාව හා සමගාමීව ඉදිරියට යන ගෝලීය රැකියා වෙළඳපළ සහ ක‍්‍රීඩාපිටිය තුළ ශ‍්‍රී ලාංකීය සන්නාමය සනිටුහන් කළ හැකි නවීන තරුණයකු බිහි කිරීම අපගේ පළමු සහ ප‍්‍රධානතම ඉලක්කය වේ.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තුළ නවීන තරුණයකු ලෙස දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික ක්ෂේත‍්‍රයන් තුළ තීරණ ගැනීමේ සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලියට සක‍්‍රීයව දායක වන තරුණ ප‍්‍රජාවක් හරහා අනාගත නායකත්වයට ඔවුන් දැනුමින් සහ අත්දැකීමෙන් පුහුණු කිරීම අපගේ ඉලක්කයයි. ඒ සඳහා ජාතික යොවුන් සේනාංකය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇත යන්න මාගේ විශ්වාසයයි. අප සියලු දෙනා එක්ව ඒ වෙනුවෙන් කටයුතු කිරීම තුළ එම අරමුණ යථාර්ථයක් වනු ඇත.


ජය !
තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍ය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button