ජාතික යොවුන් සේනාංකය මෙම අතිශය වැදගත් කටයුත්ත ඉටුකිරීම සඳහා තෝරාගෙන ඇති මූලික ක්‍රමෝපායික ප්‍රවේශය වන්නේ යෞවනයා ජීවන කුසලතා තුළින් සන්නද්ධ කිරීම ය. ජීවන කුසලතා තුළින් පොහොසත් යෞවනයා පළමුව තමන්ට ආදරය කරයි. රටට ආදරය කරයි. ආදරය තුළින් ජනිත වන ප්‍රවේගය නිවැරදි ජීවන විලාසිතාවක් සඳහා යොමු කරයි. ජීවන විලාසිතාව තරුණයා පොහොසත් කොට රට පොහොසත් කරයි.
ජාතික යොවුන් සේනාංකය තරුණයා තුළ ජීවන කුසලතා සංවර්ධනය මඟින් “ආර්ථික මිනිසෙකු” රට වෙනුවෙන් ගොඩනැඟීමට අවශ්‍ය තරුණ කුසලතාවයන්ට හා රුචිකත්වයට ගැළපෙන වෘත්තීය කුසලතා ගොඩනැඟීමට පාර්ශවකරුවන් රාශියක් සම්බන්ධීකරණය කරයි. ඉඳුරාම වෘත්තීය කුසලතා ලැබූවෙකුට වඩා විනයවත්, යහපත් පෞරුෂයක් සහ නායකත්වයක් සහිත වෘත්තිකයෙකුගෙන් ජනිත වන කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ මට්ටමක පවතී. බොහෝ ආයතනයන්ගේ දියුණුවට හෝ පරිහානියට හේතු වී ඇත්තේ විනය, පෞරුෂත්වය හා නායකත්වය බව කරුණු අධ්‍යයනය කරන්නෙකුට මනාව තහවුරු වනු ඇත. එබැවින් ජාතික යොවුන් සේනාංකය ගොඩනඟන තරුණ පරපුර ශ්‍රී ලංකාව නව සංවර්ධන යුගයක් කරා මෙහෙයවනු ඇති බවට සුභාශිංෂණ සමඟ විශ්වාසය පලකරමි.