මෙරට තරුණ පරපුර වෙත ජීවන කුසලතා අත්කරදීම සඳහා ස්ථාපිත එකම රාජ්‍ය ආයතනය ජාතික යොවුන් සේනාංකය ලෙස මට හඳුනාගැනීමට හැකිවිය. ජාතික යොවුන් සේනාංකයේ කාර්යභාරය තරුණ පරපුරේ ජීවන කුසලතා සංවර්ධනය, වෘත්තීය කුසලතා සංවර්ධනය හා කී‍්‍රඩා සෞන්දර්ය හැකියා සංවර්ධනය ලෙස දැක්වේ. මෙම කාර්යයන් ති‍්‍රත්වය තුළින් තරුණ පරපුරට සේවය කිරීම සඳහා ජාතික යොවුන් සේනාංකය වැඩසටහන් රාශියක් මෙහෙයවමින් සිටීම සතුටට කරුණකි.
විනය, නායකත්වය හා පෞරුෂත්වය හිමි තරුණ පරපුරක් රටකට මහගු සම්පතකි. වර්තමාන අර්බුදයන් හමුවේ අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමින් ජයග‍්‍රහණය කිරීම සඳහා විනය, නායකත්වය, පෞරුෂත්වයෙන් සුසැදි තරුණ පරපුරක් බිහි කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. ඒ සඳහා ජාතික යොවුන් සේනාංකයට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප‍්‍රාර්ථනා කරමි. විෂයභාර අමාත්‍යවරයා ලෙස මගේ සහයෝගය උපරිමයෙන් ආයතනික අරමුණු ජයග‍්‍රහණය කිරීම සඳහා ලබාදීමට නොපැකිලිව කටයුතු කරමි.