Register Now

අපේ ආරම්භය හා වටපිටාව

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතිය නැවත ගොඩ නැගීමේ නව අභියෝගයට උරදිය හැකි නායකත්ව ගුණාංගයෙන් සහ ශක්තිමත් පෞරුෂයකින් හෙබි නිපුනතා පිරිපුන් තාරුණ්‍යයට මංපෙත් විවර කිරීම අත්‍යවශ්‍ය වූ වකවානුවක 2021 අංක 21 දරණ පාර්ලිමේන්තු පනතින් ව්‍යාපෘතියක් වශයෙන් ස්ථාපිත කොට, 2003 ඔක්තෝම්බර් මස 10 වන දින අංක 1309/17 දරණ ගැසට් පත්‍රයේ පළකරන ලෙස ‘අංක 01- 2003 දරණ යොවුන් බලකා නියෝග’ මගින් යොවුන් සේනාංකය ක්‍රියාත්මක කරනු ලැබීය. එලෙස ක්‍රියාවට නැංවුණු ජාතික යොවුන් සේනාංකය රාජ්‍ය ආයතනයක් ලෙස 2002 වසරේ දෙසැම්බර් 17 වන දින, ටී.බී.ජයා මාවතේ (වත්මනේ) මහවැලි ගොඩනැගිල්ලේදී, කර්නල් චන්න ගුණතිලකගේ සභාපතිත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. පුහුණු වන යෞවන යෞවනියන් “රේන්ජර් නායකයින්” යන නාමයෙන් හදුන්වමින් පළමු පාඨමාලාව ඇඹිලිපිටිය, එරමිණියාය, හෙයියන්තුඩුව හා රන්ටැඹේ යන රේන්ජර් නායක පුහුණු මධ්‍යස්ථාන 04කින් ආරම්භ කරන ලදී.දෙවන පාඨමාලාවේ සිට පුහුණු යෞවන යෞවනියන් “රේන්ජර්වරුන්” ලෙස හදුන්වමින් අද වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක ආවරණය කරමින් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 58ක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ආරම්භයේදී රේන්ජර් නායකයින් ලෙස බදවා ගන්න ලද 100ක පමණ ප්‍රමාණයක් වර්තමානය වන විට දිවයින පුරා විසිරි ඇති පුහුණු මධ්‍යස්ථානයන්හි විනය සරඹ උපදේශකවරුන් ලෙස කටයුතු කරමින් සිටි.

විෂයභාර අමාත්‍යවරයාට විශාල කාර්යභාරයක් පැවරෙන පරිද්දෙන් ස්ථාපිත වී ඇති මෙම ආයතනය, ප‍්‍රතිපත්ති සැලසුම් හා ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය,මධ්‍යම හා කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය,යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන හා රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යංශ යටතේ පැවතිණි. වර්තමානයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික යොවුන් සේනාංකයේ වත්මන් නියමුවාණන් ලෙස කටයුතු කරනුයේ කර්නල් දර්ශන රත්නායක මහතා කටයුතු කරමින් සිටී. 

විනය, නායකත්වය, පෞරුෂ සංවර්ධනය යන ත්‍රිවිධ තේමාවන් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන්නා වූ ජාතික යොවුන් සේනාංකය අනෙක් සියලු යෞවන පුහුණු බලගැන්වීම් අභිබවමින්, අභියෝගයන්ට ද අභියෝග කරන්නට පෞරුෂයෙන් හෙබි ශක්තිමත් යොවුන් බලකායක් ගොඩනැඟීම සඳහා පැහැදිලි වූත්, විධිමත් වූත් විවිධ පැතිකඩ හරහා ක්‍රියාත්මක වෙමින් පවතී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button