විෂයභාර අමාත්‍යවරයාට විශාල කාර්යභාරයක් පැවරෙන පරිද්දෙන් ස්ථාපිත වී ඇති මෙම ආයතනය, ප‍්‍රතිපත්ති සැලසුම් හා ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය,මධ්‍යම හා කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය,යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන හා රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යංශ යටතේ පැවතිණි. වර්තමානයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික යොවුන් සේනාංකයේ වත්මන් නියමුවාණන් ලෙස කටයුතු කරනුයේ කර්නල් දර්ශන රත්නායක මහතා කටයුතු කරමින් සිටී.
විනය, නායකත්වය, පෞරුෂ සංවර්ධනය යන ත්‍රිවිධ තේමාවන් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන්නා වූ ජාතික යොවුන් සේනාංකය අනෙක් සියලු යෞවන පුහුණු බලගැන්වීම් අභිබවමින්, අභියෝගයන්ට ද අභියෝග කරන්නට පෞරුෂයෙන් හෙබි ශක්තිමත් යොවුන් බලකායක් ගොඩනැඟීම සඳහා පැහැදිලි වූත්, විධිමත් වූත් විවිධ පැතිකඩ හරහා ක්‍රියාත්මක වෙමින් පවතී.