මෙම පාඨමාලාව දෙආකාරයකට ක්‍රියාත්මක වේ.
අ. නාවුල ධීර අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික පුහුණුව.
ආ. ජීවන කුසලතා පුහුණු මධ්‍යස්ථාන ආශ්‍රීත ක්ෂේත්‍ර පුහුණුව.
යොවුන් සේනාංකයේ ජීවන කුසලතා පාඨමාලාව හදාරන සෑම යොවුන් ශිෂ්යභටයෙකුම මෙම පාඨමාලාව හැදෑරිය යුතු අතර එම පුහුණුව ජීවන කුසලතා පුහුණු මධ්‍යස්ථාන ආශ්රිත ක්ෂේත්රයන්ගේ Obstacle Track ආකෘතියට සකස්කරන ලද බැහැරගත අංගනවල සිදු කෙරේ. පාඨමාලාව සාර්ථකව අවසන් කරන යොවුන් ශිෂ්යභටයෙකුම සහතිකයක් හිමි ගැන්වේ.
මෙම පාඨමාලාවට පුහුණු මධ්‍යස්ථාන ආශ්රිත පරිසරයේ පවතින පහසුකම් අනුව පහත සඳහන් අංග ඇතුළත් වේ.
මාර්ග සංචාරය ( Endurance March) , කඳු නැගීම් (Hike), ජල තරණය ( Water Crossing) , කඹ ආශ්රිත ක්‍රියාකාරකම් (Rope Activities), Leadership Activities, Team Building, Motivational Activities, Self Confidence Build Activities,
එමෙන්ම නාවුල පිහිටි ධීර අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේ ඉහළ දක්ෂතා පෙන්නුම් කරන යොවුන් ශිෂ්යභටයිනට මෙන්ම ධීර අභ්‍යාස තුළින් නායකත්ව පුහුණු අපේක්ෂා කරන බාහිර කණ්ඩායම් සඳහා අවශ්‍ය පුහුණු කටයුතු සිදු කරන අතර ඒ සඳහා විශේෂයෙන් පහත සදහන් ක්‍රියාකාරකම් සමඟ වායු රයිෆල් වෙඩි තැබීමද ඇතුළත් වේ.