ශ්‍රී ලාංකේය යෞවන යෞවනියන් විනය,නායකත්වය හා පෞරුෂයෙන් පිරිපුන් මෙන්ම දැනුම,කුසලතා හා ආකල්පයන්ගෙන් හෙබි පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංක ජීවන කුසලතා සංවර්ධන පාඨමාලාව නිර්මාණය කර ඇත.
ජීවන කුසලතා සංවර්ධනය යනු චිත්තවේගාත්මක බුද්ධිය, සමාජ දැනුවත්භාවය, නිවැරදි ආචාර විධි, සමාජීය වශයෙන් පිළිගත් හැසිරීම හා අන්තර් පුද්ගල කුසලතා ආදිය තුළින් සිදුවන වර්ධනයයි. එනම්, එදිනෙදා කටයුතු කරගෙන යාම සඳහා අවැසි ජීවිතය හා බැදී විෂයයන් පිළිබඳ වූ හැකියාවන් වර්ධනය කිරීම හා මග පෙන්වීම ලෙස දැක්විය හැක. පුද්ගලයෙකුගේ පෞරුෂ සංවර්ධනය උදෙසා ජීවන කුසලතා සංවර්ධනය කර ගැනීම කාලයේ අවශ්‍යතාවයකි. පෞරුෂ සංවර්ධන පුහුණු ආයතනයක් ලෙස ජාතික යොවුන් සේනාංකය ජීවිතය හා වෘත්තීය යන දෙඅංශයේම සාර්ථකත්වය සඳහා අවශ්‍ය වන පරිදි මෙම මූලික පාඨමාලාව හදුන්වා දී ඇත.
මෙම පාඨමාලාව ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයන්හි විෂය පිළිබඳ සුදුසුකම්ලත් උපදේශික උපදේශිකාවන් විසින් සිදුකරන අතර, සියලුම පුහුණුලාභීන් හට පාඨමාලාව අවසානයේ ජාතික යොවුන් සේනාංකය මගින් පිරිනමන පිළිගත් සහතික පත්‍රයක් ලබදීමට කටයුතු කරයි.
ජාතික යොවුන් සේනාංක ජාලය තුළ පුහුණුව ලබන පුහුණුලාභී යෞවන යෞවනියන්ගේ මූලික පුහුණුව සාර්ථකව අවසන් කරන පුහුණුලාභීන් 30 දෙනෙකු බැගින් තෝරා ගෙන ඔවුන් වෙත පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දී වෘත්තීය සඳහා යොමු කිරීමක් සිදු කරනු ලබයි. අනෙකුත් පුහුණුලාභින් ඔවුන්ගේ අභිමතය පරිදි තෝරගනු ලබන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ගාස්තු රහිත යොමු කිරීම් සිදුකොට අනාගත වෘත්තීය ක්ෂේත්රය තුළ ජීවිත සාර්ථකත්වය ළගා කර ගැනීම සදහා අවැසි පුහුණු අවස්ථා වෙනුවෙන් ජාතික යොවුන් සේනාංකයේ පූර්ණ අධීක්ෂණය යටතේ යොමු කිරීම් සිදු කරනු ලබයි.