තොරතුරු තාක්ෂණය පිළිබද පිළිගත් සහතික පත්‍රයක් ලබාදීමේ අපේක්ෂාවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය සමග ගිවිසුම් ගතව සියලු පුහුනුලාභින් ලාභිනියන් සදහා තොරතුරු තාක්ෂණය විෂය හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇත.
මෙහිදී ජාතික යොවුන් සේනාංක උපදේශික උපදේශිකාවන් විසින් සිදුකරන අතර පාඨමාලාවේ ගුණාත්මකභාවය හා ඇගයීම් කටයුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය මගින් සිදුකොට මාස 06 අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් ලබදීමට කටයුතු කරයි.
දක්ෂතා ඇති පුහුනුලාභින් ලාභිනියන් හට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා හැදෑරීමෙන් අනතුරුව උපාධි මට්ටම දක්වා ප්‍රවිෂ්ඨවීමට අවස්ථාව ලැබේ.