Register Now

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ පණිවිඩය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය යනු ලාංකීය තරුණ ප්‍රජාවගේ සහ ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් අද්විතීය කාර්යභාරයක් කළ හැකි ආයතනයක් බව මම විශ්වාස කරමි. දශක දෙකකට අධික කාලයක් පුරාවට ජාතික යොවුන් සේනාංකය විසින් සිදු කරන ලද කාර්යභාරය ඇගයීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

“පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” තේමාව ඔස්සේ අප විසින් ගොඩනැගීමට අපේක්ෂිත පුනරුද යුගයේ, තාරුණ්‍ය ගොඩනැගීමේ එක් අඩිතාලමක් වනුයේ ජාතික යොවුන් සේනාංකයයි. විශේෂයෙන්ම ජනතාව විසින් අප වෙත දෙන ලද ඓතිහාසික ජනවරමේ සක්‍රීයම කාර්යභාරයක් සිදු කරන ලද්දේ තරුණ ප්‍රජාව විසිනි. ඒ අනුව අප රටේ ජනගහනයෙන් 83 ලක්ෂයක් නියෝජනය කරනු ලබන තරුණ ප්‍රජාව විශ්වාස කළ පරිදි, ඔවුන්ගේ සිහින යතාර්ථයක් ලෙස මෙබිම පැළ කිරීමට අපට සුවිශාල කාර්යභාරයක් කිරීමට ඇත.

එකී අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, අපගේ තරුණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත. ග්‍රාමීයසහ නාගරික තරුණයා ගොඩනැගීම වෙනුවෙන් එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගත මූලිකාංග කිහිපයකි. V4R ඩිජිටල් අවකාශය, Youth App, බහුකාර්ය මධ්‍යස්ථාන, හවසට ITE ඉන් ප්‍රධාන වේ. මෙම මූලිකාංගයන් මුළු ලාංකීය භූමිය පුරාම තරුණ ප්‍රජාව වෙත කිසිඳු භේදයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ආයතනයක් ලෙස ජාතික යොවුන් සේනාංකයට ඒ වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනු ඇත.

අපගේ පරමාර්ථය වනුයේ ජාතික යොවුන් සේනාංකය තවදුරටත් තරුණයන් වෙනුවෙන් පවතින හුදු ආයතනයක් වෙනුවට එය තරුණ ප්‍රජාවේ තැනක් බවට පත් කිරීමය. ඒ අනුව දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි තීන්දු තීරණ ගන්නා ක්‍රියාවලියට සක්‍රීයව දායක වන, පුනරුදයේ පෙරගමන්කරුවන් ලෙස නව ලෝකය ජයගත් තරුණ පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් අප සියලුදෙනාම එක්ව කටයුතු කරමු.

ජය!

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button