Register Now

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

Loading Events

« All Events

  • This event has passed.

‘Victory YES – 2021’ ජාතික යොවුන් සේනාංක වර්ෂ අවසාන සහතික පත‍්‍ර ප‍්‍රදානෝත්සවය 12 වනදා, BMICH හීදී…

දෙසැම්බර් 12, 2021 @ 8:00 පෙ.ව. - 5:00 ප.ව.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා මෙම අමාත්‍යංශයේ අමාත්‍යධුරයට පත්වීමෙන් පසු අමාත්‍යංශය යටතේ ඇති තරුණයින් සඳහා කැපවූ සියලූම ආයතනවල සිදුවන ආකර්ශනීය වෙනස්කම්වලට සමගාමීව ජාතික යොවුන් සේනාංකය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන ආ වර්ෂඅවසාන මහා මංගල්‍යය ලෙස ගැනෙන, තාරුණ්‍යයේ නිපුණතා කළඑළි ගැන්වෙන ‘Victory YES – 2021’ උළෙල මෙවර ද වඩාත් උත්කර්ෂවත් හා ආකර්ෂණීය ලෙස පැවැත්වීමට කටයුතු යොදමින් තිබේ.

2021 දෙසැම්බර් මස 12 වන දින, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත මෙම උළෙල තුළින් දිවයින පුරා විසිරී ඇති යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 58ක මූලික පෞරුෂ සංවර්ධන හා නායකත්ව පුහුණුව හදාරණ පුහුණුලාභීන්ගේ නිර්මාණාත්මක කුසලතා ජාතික තලයට ගෙන ඒමත්, ඔවුන් ඇගයීමට ලක්කිරීමත් මෙහිදී සිදු කෙරේ.

ජාතික යොවුන් සේනාංක මෘදු කුසලතා සංවර්ධන පුහුණු පාඨමාලාවේ වටිනාකම වැඩි කිරීම සඳහා විශ්ව විද්‍යාලයීය ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනයක් මඟින් හඳුන්වා දුන් තොරතුරු තාක්ෂණය හා ඉංග‍්‍රීසි යන විෂයයන් සඳහා උසස් සහතික පත‍්‍රය පුහුණුව සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් වෙත පිරිනැමීමත්, විශේෂ පුද්ගල පිරිස් ඉලක්ක කරමින් ජාතික යොවුන් සේනාංකය මඟින් සිදු කරන පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් හට ඔවුන්ගේ වෘත්තීය මඟ ජය ගැනීම උදෙසා වෘත්තීය පුහුණුව සඳහා අවශ්‍ය පූර්ණ ශිෂ්‍යත්ව 10ක් පිරිනැමීමත්, විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමීමත් මෙම උත්සවයේ විශේෂ අවස්ථා අතර වෙයි.

නූතන යෞවන සංවර්ධන පුහුණු ආයතන අතර කැපී පෙනෙන ජාතික ආයතනය බවට පත්ව ඇති ජාතික යොවුන් සේනාංකය මෙවරත් සිය අනන්‍යතාවය පවත්වා ගනිමින් වර්ෂාවසාන මහා මංගල්‍යය පවතින වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන නීති පිළිපදිමින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.

Details

Date:
දෙසැම්බර් 12, 2021
Time:
8:00 පෙ.ව. - 5:00 ප.ව.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button